Online payment processer

Alertpay අන්තර්ජාල බැන්කුගිනුමක් සාදාගැනීම

පලමු පියවර 1st step

Alertpay අන්තර්ජාල බැන්කුගිනුමක් සාදාගැනීම

එහෙනම් අපි වැඩේ පටන් ගමු. කලිනුත් කිව්වා වගේ මේක තමා වැදගත්ම දේ. මොකද, අපි උපයන හැම සතයක්ම බැර වෙන්නේ මේ ගිණුමටයි. ඒ නිසා නොමිලේ කිසිදු ගෙවීමකින් තොරව Alertpay bank account එකක් හදන හැටි කියල දෙන්නම්. (මේක දැනටමත් දන්න අය ඇති.. නොදන්න අයටයි මේ!)

මේ ගිණුමට එකතුවන මුදල් අතටම ගෙන්න ගන්නත්, අන්තර්ජාලය හරහාම විවිධ මිලදී ගැනිම් වලටත් යොදා ගන්න පුලුවන්. චෙක්පතක් මාර්ගයෙන් මේ මුදල් අතටම ගෙන්වා ගන්නවනම් අවම වශයෙන් ඩොලර් 20ක් වත් ඔයාලගේ ගිණුමේ තියෙන්න ඕනේ. (බය වෙන්න එපා, ඔය ගාණ හොයා ගන්න පුලුවන්) එහෙනම් අපි වැඩි කථා නැතුව වැඩේට බහිමු.
01. මුලින්ම පහළ තියෙන Register Here හෝ පහලම තියෙන Alertpay Banner එක උඩ ක්ලික් කරන්න.

(Register Here)


02. එවිට, ලැබෙන Window එකේ Sign Up Now යන්න ක්ලික් කරන්න.


03. ඊට පස්සේ පහළ තියෙන විදියට Window එකක් පෙනෙවි.
"එකේ Select Your Country එකට Sri Lanka යන්නත්, Select Your Account Type එකට Personal Start යන්නත් ක්ලික් කරන්න. අනතුරුව Next Step ක්ලික් කරන්න."

04. පසුව ලැබෙන Window එකේ තියෙන්නේ ඔයාලගේ තොරතුරු ඇතුලත් කරන එක. මේකට ඔයාලගේ සත්‍ය තොරතුරු ඇතුළත් කරන්න ඕනේ. මොකද ගෙවීම් කරන්නේ මෙහි සඳහන් නම, ලිපිනයටනේ. හා... තව දෙයක්, වයස 18ට වඩා වැඩි වෙන්නත් ඕනේ alertpay ගිණුමක් open කරන්න.


"මේකේ Region ලෙස ඔබ පදිංචි පළාතත්, Postal Code එක සඳහා http://www.lankalinksystems.com/directory/newsinfo/slpostcode1.htm මඟින් දැනගෙන නිවැරදි තොරතුරු ඇතුළත් කරන්න. පසුව Next Step ක්ලික් කරන්න."

05.අනතුරුව තවත් එවැනිම Window එකක් ලැබෙවි.

"එකේ email ලිපිනයට ඔබේ සුපුරුදු email ලිපිනයත්, ඔයාල කැමති ඕනෑම ආරක්ෂාකාරි password එකකුත් ලබා දෙන්න. මේකේ Transaction PIN එකට ආරක්ෂාකාරි PIN අංකයක් ලබා දෙන්න. මේක ගොඩාක් වැදගත්. මොකද, මේ Transaction PIN අංකය මුදල් ලබා ගැනිමේදී ඕන කරනවා. ඔයගොල්ලෝ ලබාදෙන අංකය හොඳට මතක තියා ගන්න."

"ඉන්පසුව ලැබෙන Security Question 1 හා Security Question 2 ට ප්‍රශ්ණ දෙකක් Select කරලා Answer දෙකක් දෙන්න. මේවා යම්කිසි විදියකින් ඔබගේ Password අමතක වුනොත් නැවත් ගෙන්වා ගැනිමේදි වැදගත් වෙනවා. එනිසා මේ සෑම දෙයක්ම නැවත් සටහන් කරගන්නවනම් හොඳයි."

"දැන් Third Party Information එක No ලෙසම තියලා Word Verification හි තිබෙන වචනය ඒ විදියටම පහල හිස් කො‍ටුවේ Type කරන්න."

"ඒ form එකත් නිවැරදිව සම්පුර්ණ කලාම අවසානයේ Final Step යන්න ක්ලික් කරන්න. දැන් පහල තියෙන Confirmation Page එක ලැබේවි."


"දැන් කලයුතු වන්නේ ගිණුම Activate කරගන්න එකයි. එකට මේ වෙබ් පි‍ටුව ඉවත් කරල ඔබ කලින් සඳහන් කළ email ගිණුමට ලොග් වෙන්න. එහි පහත ආකාරයට Alertpay විසින් එවා ඇති email ලිපියෙහි ඇති වෙබ් ලින්ක් එක ක්ලික් කර Alertpay වෙබ් අඩවියට පිවිස ගිණුම සක්‍රීය කරගන්න."


"දැන් ඔක්කොම හරි. දැන් ඔයාලටත් Alertpay ගිණුමක් තියෙනවා. ඊට පස්සේ කරන්න තියෙන්නේ සල්ලි උපයන්න තමා... එක ඊලඟ post එකෙන් කියල දෙන්නම්

 

Paypal අන්තර්ජාල බැන්කුගිනුමක් සාදාගැනීම

www.paypal.com




 

Cashle Shoutbox